Wednesday, January 9, 2013

Chamara Ranawaka - Hot Collection

  • 01 - KAMBI THAPPETA.mp3
  • 02 - GAMMANE HADAI.mp3
  • 03 - PODI WALAN KADE.mp3
  • 04 - MAGE LOKE RAJJUROWA.mp3
  • 05 - WERALU GEDI PAHENA KALE.mp3
  • 06 - PITAKOTUWE MAHA RETA.mp3
  • 07 - SIDADIYE.mp3
  • 08 - ALMARIYE.mp3
  • 09 - BANJO RABAN.mp3
  • 10 - MAGE PANATATH.mp3
  • 11 - BATTI HINDA.mp3
  • 12 - KATUKOLIYE BANDARE.mp3
  • 13 - PADURU PADURU.mp3    
        DOWNLOAD FULL ALBUM
 

Thursday, May 19, 2011















'විටෙක ජීවිතය මහා පුදුමාකාරයයි මටසිතේ.

සතුට,දුක,සිනහා,කදුළු,කළකිරීම,වේදනාව,
බලාපොරොත්තු,පසුතැවීම,අහිමිවීම,අසරණකම,
විදවීම,පාලුව,තනිකම,ආත්මානුකම්පාව
ආදී වූ සියලුම දේ එක්තැන්වන මේ ජීවන නවාතැන්පලේ
අප ජීවත්කර තබන මතකයන් සෑම කල්හිම මතකයේ රැදේ.
ජීවිතේ සුන්දරම සිනහා ඉතිරූ කාලයන් මෙන්ම
කාළකන්නිම කදුලු වැගිරූ කාලයන්හිද මතකයන්
හදවතේ ගැඹුරුම තැන්හී තැමපත් වී ඇත.
විටෙක කටුකවූත් විටෙක සොදුරු වූත් ජීවනගමනේ
සුන්දර මෙන්ම අසුන්දර මතකයන් මතක් වෙත්දී
දෙනෙත්අග තෙත්වන්නේ
ඒ මතකයන් සමග අවංකවම ජීවත් වූ නිසාය.
ජීවන ගමනේ හමුවූ සොදුරුවූ මිනිසුන් මෙන්ම
නපුරුවූ මිනිසුන්ද ජීවිතයෙන් ඈතට යන්නේ
මතකයන් පමනක් ඉතිරි කරමින්ය.
ජීවිතේ කලකිරුනු බොහෝ අවස්ථාවන් හීදී
සොදුරු වූ මිනිසුන්ගේ හඩින් යලි මා ජීවත් කරවාලයි.
එවන් වූ ජීවන ගමනේ දහසකුත් එකක් අත්දැකීම්,
මතකයන්,කදුළු මෙන්ම සිනහවන්ද
,සොදුරු වූද නපුරු වූද මිනිසුන්ද,
සුන්දර වූද වේදනාබර වූද මතකයේ රැදි
කාලපරිජේදයන්ද සදාකල් ''ජීවන මග දීගේ'' යන
ගමනේ මතකයේ රැදේ.''


ඔයාට පුළුවන්ද හැමදාම මෙ වගෙ ඉන්න..."

"මොනවගෙද ?"

"මෙ වගෙ..."

"මම එහෙම වෙන්න ඔනද ?"

"අපි දෙන්නා අහසයි පොලවයි වගෙ නෙද...?"

"එ කියන්නෙ"

"කවදාවත් එකට යන්නෙ නැති අදහස් අපි දෙන්නගෙම තියන්නෙ "

" එක හින්දද අහසයි පොළවයි කිව්වෙ "

"කොච්චර කරත් අපි දෙන්නා ව එකට ගලප ගන්න බැහැනෙ.."

" හරි ඔයා මට කියන්න අහසයි පොළවයි අතර මොනවද තියන්නෙ.."

"ගස් කොලන් , මෙ හැම දෙයක්ම අහසයි පොළවයි අතර තියන්නෙ..

අහසයි පොලවයි කවදාවත් එකතු කරන්න බැහැ නෙ.. "

" කෙල්ලෙ උඹ හොදට බැලුවොත් පෙනෙවි..

ඔය පොඩි පොඩි තැන් දෙක තුනකදි ඇරෙන්න,

අනිත් හැම තැනදිම අහසයි පොළවයි එකතු වෙලා මෙ හැමදෙම ජිවත් කරනවා"

"සදාකාලික ආදරයක් තියනවද ..?"

" ඔයා එහෙම හිතන් ඉන්නවානම් ඉන්න. මම එක දන්නෙ නැහැ,

නමුත් ඉතින් එ වගෙ දෙයක් ඔයා මගෙන් බලාපොරොත්තු වෙනවා නම්

ඉතින් ඔයාට සොරි තමයි කියන්න වෙන්නෙ. හැබැයි මම එකක් කියන්නම්.

මට අත දිග තියන මායිමෙ ඔයා ඉන්නකම්

මගෙ හිත ඇතුලෙ ඔයා ගැන තියන හැගීම් එහෙමම තියයෙයි..

මගෙන් ඔයා ඇත් වෙලා ගියහම ත් එහෙම්මම තියෙයි..

නමුත් ඔයගෙ ලස්සන නැතුව යනවා කවද හරි..

එ වෙද්දිත් ඔයගෙ වටෙ මාව බැඳලා තියාගන්න තරම්

ඔයගෙ ලස්සනක් මම දැක්කොත් මම වෙනස් නැතුව ඉන්න උත්සහා කරන්නම්,

කෙල්ලෙ උඹ ගැලපෙන දෙ හොයාගෙන ගියොත් උඹට හම්බ වෙන්නෙ

උඹට නොගැලපෙන දෙවල් විතරමයි. කිසි දෙයක් ගලප ගන්න උත්සහා කරන්න එපා,

එ දෙවල් එහෙන් මම තිබිච්චි දෙන්,

උඹට පුළුවන්නම් පොඩ්ඩක් වෙනස් වෙයන් එතකොට අනිත් මිනිස්සුත් වෙනස් වෙයි.. "

දුප්පත් පෙම්වතා.

මගේ ආදරණිය සුරංගනාවි,

මාත් ආසයි කාර් එකක් අරන් ඔයාව නග්ගගෙන රවුමක් ගහන්න..

මාත් ආසයි දෙන්න පුලූවන් හැම සැපක්ම ඔයාට දෙන්න..

මටත් ආසයි ඒ ලස්සන සුපිරි ලොකේ ඔයාගෙ හීන හැබෑ කරන්න..

ඒත් දෙයියනේ මම කොහොමද ඒ වගේ හීන ලෝකයක් හැබෑ කරන්නෙ.

තාම මම ඉගෙන ගන්නවා.. මම කොහොමද ලොකු ලොකු වැඩ කරන්න ගිහින් අමාරුවෙ වැටෙන්නේ... මගේ ළඟ ලක්ෂ ගණන් සල්ලි නෑ ඔයාට සුපිරි ජීවිතයක් දෙන්න.. ආමාරුවෙන් හදාගත්තු ගේ පොඩ්ඩක් ඇරෙන්න මටම කියලා තියෙන්නේ තාමත් ලෝන් ගෙවන මෝටර් සයිකලේ විතරයි..

ඒත් ඔයා දකින්නේ සුපිරි ගෙදරක ජීවත් වෙන්න.. සුපිරි වාහනේක ගමන් යන්න... නෑදෑයොන්ට පේන්න හොඳ විදිහට ජිවත්වෙන්නයි ඔයාට ඕන..

ඇත්තටම ඔයාව මට හම්බවෙද්දි මම හිතුවේ ඔයා මගෙ තත්වෙ තේරුම් අරන් සාමාන්‍ය විදිහට මාත් එක්ක ජීවත්වෙයි කියලයි... ඒත්...

ඔයාගේ හීන ලොකේ තිබ්බේ ඊට ගොඩාක් උඩින්..

පුංචි කාලේ ඉඳන් සැපට හැදුනු ඔයාව එක්කන් ඇවිත් අපේ පුංචි ගෙදර තියන්න බෑ කියලා මම හොඳට දන්නවා...

ඔයාට මම ගොඩාක් ආදරෙයි... ඔයාත් මට ගොඩාක් ආදරෙයි..

ඒත්... අපි ඉපදුනේ ලෝක දෙකක..

ඔයාගෙ ලොකෙට මට එන්න පුලූවන් වුණාට, ඔයාට බෑ මගෙ දුප්පත් ලොකෙට ඇවිත් සතුටින් ඉන්න...

මගේ පණ , මට බෑ ඔයාට දුකක් දෙන්න..

ඔයාගේ තරාතිරමට ගැළපෙන කෙනෙක් බඳින්න පුලූවන්කම තියෙද්දී

මා එක්ක ඇවිත් ඔයා දුක් විඳිනවා බලන්න මට බෑ...

ඒ නිසාම මම කවදාවත් ඔයාට අඩුවක් වෙනවා දකින්න කැමති නෑ..

ඔයා පොහොසත් කෙනෙක් බැඳල සතුටින් ජීවත්වෙන්න..

මට දුකයි ..ඒත් ඔයා දුක් විඳිනවා දකිනවාට වඩා මට මගේ දුක දරා ගන්න පුලූවන්.... මම හැමදාමත් ආදරෙයි ඔයාට....

මේ ඔයාගෙම අසරණ දුප්පත් සුදු මහත්තයා...

නම් ගම් මනඃකල්පිත නොවූ සත්‍ය සිදුවීමකි

අමුත්තෝ තුන්දෙනා

එක්තරා කාන්තාවක් තමන්ගේ ගෙදරින් එලියට බහිද්දි ගේ ඉදිරිපිට මිනිස්සු තුන් දෙනෙක් ඉන්නවලු.නමුත් මේ ගෑනු කෙනා ඒ ඉන්න අයව අදුන ගත්තේ නෑ. නමුත් මෙයාලට බඩගිනි ඇති කියල හිතුන මේ ගෑනු කෙනා "මම ඔයාලව නම් අදුනන්නේ නෑ. ඒ උනාට ඔයාලට බඩගිනි ඇති. ඒ නිසා ගේ ඇතුලට ඇවිත් මොනවහරි කාලා ඉන්න." කියලා කෑමට ආරාධනා කරනවා.

එතකොට මේ කට්ටියගෙන් එක්කෙනෙක් අහනවා "තමන්ගේ ස්වාමිපුරුෂයා ගෙදර ඉන්නවද ?" කියලා.ඒ ගෑනු කෙනා කියනවා "එයා තාම වැඩ ඇරිලා ආවේ නෑ" කියලා.

"එහෙමනම් අපට ඇතුලට එන්න බෑ " කියලා අර ආපු තුන්දෙනාගෙන් එක්කෙනෙක් කියනවා. කොහොමින් කොහොම හරි මේ අල්ල පනල්ලේ ගෙදර මනුස්සයාත් වැඩඇරිලා එනවා.

ගෙදර මනුස්සයාම ගිහින් අර කට්ටියට ගේ ඇතුලට එන්න කියලා ආරාධනා කරනවා.නමුත් මේ අය කියනවා ඒ තුන්දෙනාටම එකපාර ගේ ඇතුලට එන්න බෑකියලා.

" ඇයි ඒ තුන්දෙනාටම එකපාර එන්න බැරි ? " ගෙදර හිටපු ගෑනු කෙනා අහනවා.

"මෙයාගේ නම 'ධනය'. අනිත් එක්කෙනාගේ නම 'සාර්ථකත්වය'. මගේ නම 'ආදරය'."අමුත්තෝ තුන්දෙනාගෙ න් එක්කෙනෙක් කිව්වා. ඊට පස්සේ "ගිහින් තමන්ගේ ස්වාමි පුරුෂයා එක්ක කතා කරලා අපි තුන්දෙනාගෙන් කැමති කෙනෙක්ට ගෙදෙට්ට ආරාධනා කරන්න" කියලා කිව්වා.

ගෑනු කෙනා ගේ ඇතුලට ගියා. ගේ ඇතුලේ එකම යුද්ධයයි. කට්ටියම සුපර් ස්ටාර් තෝරනවා වගේ සාකච්චා කරනවා.

" අපි ධනයට ගේ ඇතුලට එන්න කියමු. එතකොට ධනයෙන් මුලු ගේම පිරිලා යයි " කියලා ස්වාමි පුරුෂයා කිව්වා.

"නෑ නෑ ඒයි !! අපි සාර්ථකත්වයට එන්න කියමු. එතකොට අපිට සාර්ථක ජීවිතයක් ගත කරන්න පුලුවන් නේ." කියලා ගෑනු කෙනා කියනවා.

කොහොමහරි මේ කතාව මේ දෙන්නගේ ලේලි පොඩ්ඩ අහගෙන ඉන්නවා. එයත් මේ කතාව මැද්දට පැනලා "ඇයි අපි 'ආදරයට' මේ ගේ ඇතුලට එන්න කියන්නේ නැත්තේ. එතකොට ආදරයෙන් අපේ මේ මුලු ගේම පිරිලා යයි " කියලා අහනවා.ඊට පස්සේ මේ අදහස හොද එකක් කියලා ආදරයට ගේ ඇතුලට එන්න කියලා ආරාධනා කරනවා.

ආදරය ගේ ඇතුලට එද්දි ඊට පිටි පස්සෙන් සාර්ථකත්වයයි ඊටත් පිටි පස්සෙන් ධනයයි ගේ ඇතුලට එනවා.

ගෙදර කට්ටියට මේක හරි පුදුමයක්.මේ කට්ටිය කියනවා එයාලා ගේ ඇතුලට එන්න කතා කලේ ආදරයට විතරයි ඇයි මේ අනිත් දෙන්නත් එන්නේ කියලා අහනවා.

එතකොට එක අමුත්තෙක් කතා කතා කරලා කියනවා "ඔයා ධනයට හරි සාර්ථකත්වයට හරි ගේ ඇතුලට එන්න කිව්වා නම් අනිත් දෙන්නා එන්නේ නෑ. නමුත් ආදරයට එන්න කිව්ව හින්දා අනිත් දෙන්නත් එනවා. අපිට ආදරය තනි කරන්න බෑ. " කියලා.

------ආදර්ශය ------
ජීවිතයක් සාර්ථක වෙන්න ආදරය කියන සාධකය අත්‍යවශයයි. ආදරය තියෙන තැන සාර්ථකත්වය නියතයි.එතැනට ධනයත් නිතැතින්ම ගලාගෙන එනවා. ඒ නිසා තමන්ගේ ජිවිතයේ ආදරයට තැනක් දෙන්න. මේ පුංචි කතාවෙන් ගන්න පුලුවන් ආදර්ශයත් ඒකමයි.

මට දෙයියන්ගෙම පිහිටයි....

මිනිහෙක් සල්ලි නැතිවුනාම කොච්චර අසරණවෙනවද කියලා මට හොඳටම දැනුනෙ අද. මාස 6 ක් කරපු රස්සාව එක සැරේටම නැතිවුණාට පස්සේ මම ගොඩාක් අසරණ වුණා. කරකියාගන්න දෙයක් නැතිවුණා...
අන්තිමේදී හොඳම යාලූවො කීපදෙනෙක්ගෙන් සල්ලි ටිකක් ණයට ඉල්ලගෙන මේ ටිකේ රෝල ගැහුවා.. රස්සාව කරන කාලේ ඉතුරුකරපු සල්ලි ටිකත් ඉවරයි. තාම රස්සාවක් හොයාගන්නත් බැරිවුණා... ඒ මදිවට තාත්ත ලෙඩවෙලා.. තාත්තට ඛෙහෙත් කරගන්නත් මම ලොකු වෙහෙසක් ගන්නවා..
අනේ දෙයියනේ ඇයි මට මෙහෙම වුනේ... කාටවත් කිසිම කරදරයක් නොකරපු, හැමෝටම උදව්කරපු මටම මෙහෙම වුනේ ඇයි....
මිනිස්සුන්ගෙ නරක කාලේ ආවම මේවගේ වෙනවා ඇති.
ගිය සතිය ෆෝන එකේ ලයින් එක කැපුවා. හෙට මේ ඉන්ටර්නෙට් ලයින් එකත් කපයි.. මොනව කරන්නද ඒත් ඉවසන් ඉන්නම වෙනවානේ.

ජීවිතේ ප්‍රශ්න හැමෝටම කියලා නෝනඩි වෙනවා කියලා කවුරුහරි කියයි..
නෑ... මම ඔන්ලයින් ආවේ නැත්තේ මොකද කියලා කට්ටිය බැලූවොත් දැනගන්නයි මම මෙහෙම දෑවේ.
අද මගෙ අතේ තියෙන්නේ රුපියල් 60යි..
බලමුකෝ වැඩක් හොයාගන්න බැරිම වුනොත් බදාම අත්වැඩ දෙන්න හෙට ඉඳන් යනවා...
මම අයි ටී පැත්තෙන් කොලිෆයිඩ්. ඒත් හොයාගන්න ජොබ්ස් නැහැ..
ඒ නිසා දෑතේ වීරියෙන් සල්ලි හම්බකරගන්න මම හෙට ඉඳන් මේසන් අත්වැඩ දෙන්න යන්න ඉන්නේ...
ඔන්න එහෙනම් මම ඔන්ලයින් නැතිවුනොත් හේතුව දන්නවනේ...
ආයෙත් අපි හමුවෙමු...
බුදුසරණයි යාලූවො හැමෝටම.