මගේ ආදරණිය සුරංගනාවි,
මාත් ආසයි කාර් එකක් අරන් ඔයාව නග්ගගෙන රවුමක් ගහන්න..
මාත් ආසයි දෙන්න පුලූවන් හැම සැපක්ම ඔයාට දෙන්න..
මටත් ආසයි ඒ ලස්සන සුපිරි ලොකේ ඔයාගෙ හීන හැබෑ කරන්න..
ඒත් දෙයියනේ මම කොහොමද ඒ වගේ හීන ලෝකයක් හැබෑ කරන්නෙ.
තාම මම ඉගෙන ගන්නවා.. මම කොහොමද ලොකු ලොකු වැඩ කරන්න ගිහින් අමාරුවෙ වැටෙන්නේ... මගේ ළඟ ලක්ෂ ගණන් සල්ලි නෑ ඔයාට සුපිරි ජීවිතයක් දෙන්න.. ආමාරුවෙන් හදාගත්තු ගේ පොඩ්ඩක් ඇරෙන්න මටම කියලා තියෙන්නේ තාමත් ලෝන් ගෙවන මෝටර් සයිකලේ විතරයි..
ඒත් ඔයා දකින්නේ සුපිරි ගෙදරක ජීවත් වෙන්න.. සුපිරි වාහනේක ගමන් යන්න... නෑදෑයොන්ට පේන්න හොඳ විදිහට ජිවත්වෙන්නයි ඔයාට ඕන..
ඇත්තටම ඔයාව මට හම්බවෙද්දි මම හිතුවේ ඔයා මගෙ තත්වෙ තේරුම් අරන් සාමාන්‍ය විදිහට මාත් එක්ක ජීවත්වෙයි කියලයි... ඒත්...
ඔයාගේ හීන ලොකේ තිබ්බේ ඊට ගොඩාක් උඩින්..
පුංචි කාලේ ඉඳන් සැපට හැදුනු ඔයාව එක්කන් ඇවිත් අපේ පුංචි ගෙදර තියන්න බෑ කියලා මම හොඳට දන්නවා...
ඔයාට මම ගොඩාක් ආදරෙයි... ඔයාත් මට ගොඩාක් ආදරෙයි..
ඒත්... අපි ඉපදුනේ ලෝක දෙකක..
ඔයාගෙ ලොකෙට මට එන්න පුලූවන් වුණාට, ඔයාට බෑ මගෙ දුප්පත් ලොකෙට ඇවිත් සතුටින් ඉන්න...
මගේ පණ , මට බෑ ඔයාට දුකක් දෙන්න..
ඔයාගේ තරාතිරමට ගැළපෙන කෙනෙක් බඳින්න පුලූවන්කම තියෙද්දී
මා එක්ක ඇවිත් ඔයා දුක් විඳිනවා බලන්න මට බෑ...
ඒ නිසාම මම කවදාවත් ඔයාට අඩුවක් වෙනවා දකින්න කැමති නෑ..
ඔයා පොහොසත් කෙනෙක් බැඳල සතුටින් ජීවත්වෙන්න..
මට දුකයි ..ඒත් ඔයා දුක් විඳිනවා දකිනවාට වඩා මට මගේ දුක දරා ගන්න පුලූවන්.... මම හැමදාමත් ආදරෙයි ඔයාට....
මේ ඔයාගෙම අසරණ දුප්පත් සුදු මහත්තයා...
නම් ගම් මනඃකල්පිත නොවූ සත්‍ය සිදුවීමකි
No comments:
Post a Comment